පුන්‍ය කුමාරත් අනුර කුමාරත් කියන්නේ දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් – අජිත්

0
2

ගල් අඟුරු වංචාව පිළිබඳව විපක්ෂය විසින් මාස හතරක් තිස්සේ කරුණු හෙළිදරව් කර තිබියදීත් එම වංචාව සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන සිය මිතුරාව ආරක්ෂා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.

“මේ ගැන කලින් අපි කියද්දී හොයලා බැලුවා නම් මේ බාල ගල් අඟුරු ටෙන්ඩරය නිසා රටට සිදුවෙලා තියෙන, ඒ වගේම සිදුවෙමින් තියෙන බරපතළ හානිය වළක්වාගන්න තිබුණා. නමුත් ජනාධිපතිවරයා ගල් අඟුරු සමාගමේ සිදුවන මේ ක්‍රියාදාමය පිළිබඳ දැනුවත්ව ඒ ගැන ක්‍රියා නොකර හිටියා. පුන්‍ය කුමාරත් අනුර කුමාරත් කියන්නේ දෙන්නෙක් නෙවෙයි, එක්කෙනෙක්. අනුර කුමාර කෘෂිකර්ම ඇමති කාලේ පුන්‍ය කුමාරව පොහොර සංස්ථාවට දේශපාලනිකව පත්කළා ටෙන්ඩර් පිළිබඳව කටයුතු කරන්න. පොහොර සංස්ථාවේදී පුන්‍ය කුමාර දූෂණයකට සම්බන්ධ වෙච්ච බව, අල්ලස් කොමිසමේ විමර්ශනයක් තියෙන බව දැන දැනම පුන්‍ය කුමාරව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට අරන් ඇවිල්ලා රටේ බලගතුම අමාත්‍යාංශයක් ඔහුට ලබලා දුන්නා. ගල් අඟුරු සමාගමේ දූෂණයක් සිදුවෙනවා කියන කාරණය ගැන තොරතුරු තිබියදී – 2026 ජනවාරි පළවෙනි සතිය වෙනකොට පළවෙනි බාල ගල් අඟුරු නැව ආවෙ, දෙවැනි තුන්වැනි නැවුත් ප්‍රමාදව, ප්‍රමිතියෙන් තොරව එද්දී, ඒ පිළිබඳ කරුණු අනාවරණය වෙද්දී – ඒ වරද නිවැරදි කරගැනීමට උත්සාහ කළේ නෑ. ඒ වරද නිවැරදි නොකළා විතරක් නෙවෙයි ඉන් ඔබ්බට ගිහිල්ලා ඇමතිවරයාව ආරක්ෂා කරන පියවරකට ජනාධිපතිවරයා යොමුවුණා. රට ගැන නෙවෙයි හිතුවේ තමන්ගෙ යාළුවා ගැන හිතුවේ. විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා, දිනක් පුරා විවාදයක් පැවැත්වුණා, විශ්වාසභංග යෝජනාව ගේන්න දින දෙකට කලින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිත් දිවුරලා කිව්වා පුන්‍ය කුමාර නිවැරදියි, කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. විශ්වාසභංගයෙන් තුනෙන් දෙකකින් ජයග්‍රහණය කළත් අවසානයේදී ජනතාව ඉදිරියේ පුන්‍ය කුමාරත් ආණ්ඩුවත් පරාජය වුණා. ඔය 159ම දූෂිතයි කියලා අපි කියන්නෙ නෑ. හොඳ අයත් ඉන්නවා. හැබැයි ඒ ඔක්කෝම ආණ්ඩුව බේරාගන්න දූෂිතයාට ඡන්දය දුන්නා”

අජිත් පී. පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

The post පුන්‍ය කුමාරත් අනුර කුමාරත් කියන්නේ දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් – අජිත් appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here