පාස්කු ප්‍රහාරයේ විමර්ශන සාධාරණව සිදුකිරීම සඳහා ආරක්ෂක නි.ඇමතිව ඉවත් කරන්නැයි ඉල්ලයි

0
2

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සාධාරණව සිදුකිරීම උදෙසා  ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා එම ධුරයෙන් ඉවත් කරන මෙන් රොහාන් ද සිල්වා පියතුමා රජයෙන් ඉල්ලීමක් කරයි.

කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් රොහාන් ද සිල්වා පියතුමා මේ බව සඳහන් කළේය.

‘මතකය, වේදනාව සහ බලාපොරොත්තුව, වසර 07 කට පසු යුක්තිය සොයා’ මැයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ විශේෂ වාර්තාවක් එළිදැක්වීමේ වැඩසටහනක් මෙලෙස කොළඹදී පැවැත්වුණි.

එය සංවිධානය කර තිබුණේ සමාජය හා සාමයික කේන්ද්‍රය මගිනි.

එහිදී අදහස් දැක්වූ රොහාන් ද සිල්වා පියතුමා,

“ප්‍රහාරයෙන් වසර 7කට පසු විමර්ශන යම් සාධනීය දිශානතියකට යොමුවෙමින් පවතින බව පෙනී යන නිසා විමර්ශන සාධාරණය සිදුකරීමට අවශ්‍ය වටපිටාව සැකසීම සඳහා ආන්දෝලනාත්මක සයින්දමර්දු සිදුවීම්වල අවස්ථාවේ නැගෙනහිර පළාත් ආඥාපතිව සිටි වත්මන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා විමර්ශන අවසන් වනතෙක් අදාළ තනතුරෙන් ඉවත් කරන්න කියලා ඉල්ලා සිටිනවා.”

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here