නැකත්පතින් ඉල්ලන් කෑ නයා තෙල් ගින්නක් අවුලුවන්න උත්සාහ කරලා – Saru News | සිංහල

0
2

අවුරුදු නැකත් සම්බන්ධයෙන් පොදු සමාජයේ වියවුල් තත්වයක් ඇති කිරීමට උත්සාහ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර එම උත්සාහය මුළුමනින් ම අසාර්ථක වීමෙන් පසුව ඉන්ධන සම්බන්ධයෙන් ජනතාව නොමඟ යැවීමට දරන ලද ප්‍රයත්නය ද අසාර්ථක වී තිබේ.

දිලිත් ජයවීරට අයත් මාධ්‍ය ආයතන යොදා ගනිමින් ශ්‍රී ලංකාවට තෙල් ආනයනය කිරීමේ දී බැරල් එකක් ඩොලර් 286ක් වැනි ඉහළම මිලකට ලබා ගෙන ඇතැයි විකෘති මතයක් ජනගත කිරීමට උත්සාහ දැරීය. ඒ අනුව විශාල වශයෙන් තෙල් මිල ඉහළ යනු ඇතැයි කලබලයට පත් වන ජනතාව පෝලිම්වලට එකතු වී අවුල් සහගත තත්වයක් ඇති කිරීමට දරන ලද ප්‍රයත්නයක් ද අසාර්ථක විය.

ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කිරීමේ දී ගෙවන සත්‍ය මිල ගණන් පිළිබඳව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිල නිවේදනය ද නොතකා හරිමින් ඉහළ මිලකට ඉන්ධන ආනයනය කර ඇති බවට ප්‍රචාරය කිරීමට උත්සාහ දැරීය.

0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here