හිටපු අමාත්‍ය ටිරාන් අලස්ගෙන් CIDයට පැය හයක ප්‍රකාශයක්

0
19


හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 06කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දුන්නා.

උදෑසන 10.00ට පමණ එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු අමාත්‍යවරයා පස්වරු 04.00ට පමණ ඉන් පිටව ගොස් තිබෙනවා.

2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදී සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍යවරයාගෙන් අදාළ ප්‍රකාශය ලබාගෙන තිබෙනවා.

මේ වන විට සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ ද මෙම සිද්ධියට අදාළවයි. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here