ලෝක උරුම නකල්ස් ස්වාභාවික වනාන්තරයෙන් ආරම්භ වී ගලා යන ප්‍රධාන ජල ධාරා අටක් සහ දිය ඇලි දහයක ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහළ යමින් තිබෙන බව ග්‍රැපෙක් ශ්‍රී ලංකා පරිසර සංවිධානයේ අධ්‍යක්ෂ ගාමිණී ජයතිස්ස මහතා කියයි.
ප්‍රධාන ජල යෝජනා ක්‍රම 05ක්, ප්‍රජා ජල යෝජනා ක්‍රම සහ පළාත් පාලන ආයතන පවත්වා ගෙන යන ග්‍රාමීය ජල යෝජනා ක්‍රම 25ක ජල සැපයුම් අඩාළ වෙමින් පවතින බවත් ඔහු කියා සිටී.
එසේම, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහයක නකල්ස් වැසි වනාන්තරයට මායිම්ව පිහිටි ග්‍රාම සේවා වසම් 67ක පවුල් විසි දහසක් පමණ නුදුරේදීම ජල හිඟයෙන් පීඩාවට පත්වීමේ අවදානමක් ඇතැයි හෙතෙම පවසයි.
මහවැලි ගංගාවේ සමස්ත ජලධාරිතාවයෙන් සියයට 25ක් නකල්ස් වැසි වනාන්තරයෙන් සපයනු ලබයි.
එසේම, බහු කාර්ය මොරගහකන්ද ජලාශය පෝෂණ වන බවත් කළුගග, අඹන්ගග, හුළුගග, හීංගග, තෙල්ගමුවඔය, හසලක ඔය, ගල්මල්ඔය, හපුවිදඔය ඇතුළු ප්‍රධාන ජලධාරා රැසක් නකල්ස් ස්වාභාවික ජලයෙන් පෝෂණය වන බවත් ඔහු පැවසුවේය.
බඹරඇල්ල, සේරඇල්ල, රත්නඇල්ල, වැද්දා පැණි ඇල්ල, දූවිලි ඇල්ල, ජෝඩු ඇල්ල ඇතුළු ප්‍රධාන දියඇලි ගණනාවක සුන්දරත්වය නකල්ස් වනයෙන් ආරම්භවී ගලා බසින ස්වාභාවික ජලධාරාවෙන් පෝෂණ වන බව හෙතෙම පැවැසීය.
මූලාශ්‍රය – අරුණ
Saru News















