සිය වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් අසත්‍ය පුවත් පළකළ හිරු මාධ්‍ය ආයතනය ඒ පිළිබඳ සමාව ඉල්ලා සිටියත් ඔවුන්ට කිසිදු සමාවක් නොදෙන බවත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර සියල්ලම ගන්නා බවත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කරයි.
“අපි මේ බලය ගත්තේ එකක් දේශපාලනය වෙනස් කරන්න. ඒක අපි වෙනස් කරගෙන යනවා. ඔය කියන කතා එකක්වත් ගණන් ගන්න එපා. අපි අගහෙන ඉඳලා ඉඳලා ඉඳලා ෂොට් එක දෙන්න ඕනෙ වෙලාවට දෙනවා. දැන් එක්කෙනෙකුට දීලා තියෙන්නෙ. ඉතුරු එවුනුත් පරෙස්සමින් හිටපල්ලා. කියන ඒවා ඇත්ත කියහල්ලා, එච්චරයි. ඒ ඇත්තවලට අපි උත්තර දෙන්නම්, අදාළ ආයතනවලට. ඒක වෙනම දෙයක්. ඔය අපිට විවිධ විවිධ දේවල් කියාගෙන යන්න, කියාගෙන යන්න. ඕනෙ තරම් කියන්න. අපි තෝරලා හරියට තැන ආවාට පස්සෙ හෙල්ලෙන්න බැරිවෙන්න දෙන්නෙ. එතන ඉඳන් සමාව, සමාව, සමාව …. නෑ, සමාව දෙන්නෙ නෑ ! ස්ථිරයි සමාව දෙන්නෙ නෑ. අවශ්‍ය නීතිමය රාජකාරි ඔක්කොම හරියටම කරනවා. කුපාඩි වැඩ, බලු වැඩ, තක්කඩි වැඩ ඔක්කොම කරලා කරලා කරලා අපි ඒවා අහගෙන ඉඳලා ඉඳලා අපහාස අවමන් විඳලා විඳලා එක පියවරක් ගත්ත ගමන් කියනවා වැරදීමක් වෙලාලු, සමාවෙන්න ලු. සමාවෙන්න තියෙන අයිතිය යටතේ. ඔන්න ඔහොම මොනවද මොනවද කියනවා. ඒත් චාන්ස් දෙන්නෙ නෑ. මොකද රටේ ජනතාව අපිට දොස් කියනවා 159ක බලයකුත් දීලා, විධායක ජනාධිපතිකමත් දීලා ඔහෙ බලන් ඉන්නෙ ඇයි කියලා”
කේ. ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (21) අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
සබැඳි පුවත් –

The post සමාවක් නෑ. එක්කෙනෙකුට ෂොට් එක දීලා තියෙන්නෙ. ඉතුරු එවුනුත් පරෙස්සමින් හිටපල්ලා ! – ඇමති ලාල් මාධ්‍යට සැරවෙයි appeared first on LNW Sinhala.
Saru News













