කිරි ඉතාම පෝෂ්‍යදායී සහ රසවත් ආහාරයක් බව අතීතයේ පටන්ම සමාජගතව පැවැති අදහසකි. ඒ නිසාම අපි පානයක් ලෙසින් කිරි වෙනුවෙන් යොමු වීමේ උනන්දුව සහ අවශතාවය ඉතාම හොඳින් හදුනාගෙන සිටිති.
අපි සාමාන්‍යයෙන් දරුවන්ට කිරි වීදුරුවක් දෙන්න පුරුදුව සිටින්නේ උදේට විතරයි. මේ කිරි වීදුරුයි, උදේ ආහාරයයි අතර කාලපරාසයේ තිබෙන කෙටි බව නිසා කිරි වීදුරුවෙන් පසුව දරුවා උදේ ආහාරය ප්රතික්ෂෙප කරනවා. අම්මලා මේ වෙනුවෙන් බොහෝම දුක්ගන්නේ “අනේ අපේ දරුවා උදේට බත් කටක්වත් කන්නේ නැහැ..” කියන හිතේ අමාරුවෙන්. කිරි වීදුරුවෙන් බඩ පිරුනාම දරුවාට කෙටි වෙලාවක් තුළ තවත් ආහාරයක් වෙනුවෙන් අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ.
ඒත් රාත්‍රි නින්දට පොතුව කිරි වීදුරුවක් ලබා දුන්නොත් එයින් බොහෝ ගුණ ලැබෙන බව ඇමරිකාවේ සිදු කරන ලද අද්යනයක් මගින් හඳුනාගෙන තිබෙනවා.
අපේ ආහාර රටාව සහ වයායාම මදිකම නිසාම සිරුරේ මේද ගබඩා වීසෙන් ඇති වෙන කොලස්ටරෝල් ගැටළුවට කිරි පානයෙන් ගුණ ලබා ගත හැකියි. කිරි දරුවන්ගේ අස්ථි වර්ධනයට හේතු වෙන බව මෙම අධ්‍යනයෙන් පෙන්වා දී තිබෙනවා.
පාසල, අමතර පන්තිය වගේ දවසේම හෙම්බත්ව සිටින දරුවන්ට තිබෙන මානසික පීඩනය නිසා නින්දට පෙරාතුව කිරි වීදුරුවක් ලබා දීමෙන් ගුණ ලැබෙන බවත් මේ අධ්‍යනයෙන් පෙන්වා දෙනවා.දවසේ වැය වෙන ශක්තිය ලබා ගැනීමටත් කිරි ඉතා හොඳ පානයක් බව දැන් හදුනාගෙන තිබෙනවා.
නින්ද තරම් මානසික ඖෂධයක් තවත් නැහැ. දවසේ ඇති වෙහෙස නින්දෙන් දුරු වෙනවා. මේ නිසා සුවදායක නින්දක් අපිට අවශ්‍යයි. ඒ නිසා රාත්‍රී නින්දට පෙරාතුව කිරි වීදුරුවක් පානය කරන්න දුන්නොත් දරුවා සුවසේ සැතපෙනු ඇති.
අද බොහෝ අයට ඇති ගැටළුව නම් තමාගේ උසට සරිලන පරිදි බර පවත්වා ගැනීමේ ගැටළුවයි. මේ නිසා විවිධ රෝගාබාධයන්ට ගොදුරු වෙන අවදානම යාන්තම් වයස අවුරුදු තිහ හතලිහටත් පෙරාතුවම ඇති වෙනවා. ඒ නිසා බොහෝ අය අඩු මේද එමෙ නැත්නම් මේද රහිත කිරි වෙනුවෙන් යොමු වී සිටිනවා.රාත්‍රි ආහාරය වෙනුවෙන් මේ වගේ චෝදනා ඇති අය කිරි වීදුරුවකින් පමණක් සෑහීමට පත් වෙනවා නම් සිරුරේ බර අඩු කරන්න පුලුවන්.
රාත්‍රි නින්දට පෙරාතුව කිරි වීදුරුවක් පානය කිරීමෙන් ජීරණ පද්ධතිය ආශ්‍රිතව ඇති වෙන සංකුලතාවයන් අවම වෙන පවත් මෙම අධ්‍යනය මගින් අනාවරනය වී තිබෙනවා.මේ කිරි පානය නින්දට පැය දෙක තුනකට පෙරාතුව ලබා ගැනීම හොදබවටයි උපදෙස් ලැබෙන්නේ.
අද දියවැඩියා රෝගය උන හෙම්බිරිස්සාව තරමටම සාමානයයි. පසුගිය දිනක පවත්වන ලද අධ්‍යයනයක් මගින් පෙන්වා දුන්නේ පුද්ගලයන් 11 දෙනෙකුගෙන් එක් අයෙක් දියවැඩියා රෝග තත්වයෙන් පීඩාවට පත්ව සිටින බවයි. රාත්‍රි නින්දට පෙරාතුව සීනි නැතුව කිරි වීදුරුවක් පානය කිරීමෙන් දියවැඩියා රෝගය පාලනය වෙන බවත් මේ අධ්‍යනයෙන් පෙන්වා දුන්නා.
කිරිවල කැල්සියම් සහ විටමින් “ඩී” අන්තර්ගත නිසා අස්ථිවල ශක්තිය ආරක්ෂා කරනවා වගේම ප්‍රතිශක්තිය වර්ධනය කරනු ලබනවා. ඒ වගේම සමේ නිරෝගී බවට සහ ඇසේ පෙනීම වෙනුවෙන් කිරි වැදගත් මෙහෙයක් ඉටු කරනවා.
Saru FM Media