සයිබර් ප්‍රහාරවලින් ඩොලර් බිලියන 66ක් කොල්ල කාලා… – Saru News | සිංහල

0
2

ඇමරිකා එක්සත් ජනපදය ජර්මිනිය, ප්‍රංශය සහ මහා බ්‍රිතාන්‍ය වැනි දියුණු රටවල සංවිධානාත්මක සයිබර් ප්‍රහාර මගින් පසුගිය වසර 05 තුළ ඩොලර් බිලියන 66ක් පමණ කොල්ල කා ඇති බව ජාත්‍යන්තර තොරතුරු විශ්ලේෂණයේදි අනාවරණය වේ.

ඇමරිකාවේ FBI ආයතනය මෙවැනි සයිබර් අපරාධ පිළිබඳව පරික්ෂණ පැවැත්වීම සඳහා අන්තර්ජාල අපරාධ පැමිණිලි මධ්‍යස්ථානය (Internet Crime Complaint Center) යනුවෙන් වෙනමම ඒකකයක් පිහිටුවා තිබේ. එම ඒකකය වෙත වසරකට දල වශයෙන් පැමිණිලි ලක්ෂ 08ක් පමණ ලැබෙන බව විශ්ලේෂණ වාර්තා සඳහන් කරයි.

මෙවැනි අපරාධ පිළිබඳව වාර්තා තබන FBI ආයතනය වැඩිදුරටත් හෙලි කරන්නේ මෙවැනි මූල්‍ය අපරාධ දියුණු රටවල පවා දිනෙන් දින ඉහළ යමින් පවතින බවයි. ඒ මගින් ඩොලර් බිලියන ගණන් මංකොල්ල කන අතර බැංකු ඇතුළු මූල්‍ය ආයතනවල ආරක්ෂාව වෙනුවෙන් සයිබර් නීති අලුත් කරමින් නව ආරක්ෂණ තාක්ෂන පද්ධති හඳුන්වා දී නිරන්තරයෙන් අලුත් කරන බව පෙන්වා දී තිබේ.

ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ගූගල් සමාගම වෙත එල්ල කළ සයිබර් ප්‍රහාරයකින් ඩොලර් බිලියන 23ක් කොල්ල කා ඇති බවයි. එමෙන්ම මෙටා ආයතනයටද සයිබර්ප්‍රහාරයක් එල්ල කරමින් තවත් ඩොලර් බිලියන ගණනක් කොල්ල කා ඇති බව අනාවරණය වී තිබේ.

2023 වසරේදී ලෝකය පුරා සයිබර් මූල්‍ය අපරාධ පැමිණිලි 880,000ක් පමණ සිදු කර ඇති අතර එයින් ඩොලර් බිලියන 12.5ක් කොල්ල කා ඇති බව හෙළි වේ.

එමෙන්ම 2024දී පැමිණිලි 850,000 දක්වා අඩු වී තිබුණත් කෝල්ල කා ඇති මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 16ත් 16.6ත් අතර දක්වා ඉහළ ගොස් ඇත.

2020 සිට 2025 දක්වා වසර පහක් තුළ අවම වශයෙන් ඩොලර් බිලියන 50කට අධික ප්‍රමාණයක් මෙම මූල්‍ය අපරාධකරුවන් විසින් කොල්ල කා තිබේ.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here