සංවිධානාත්මක මනුෂ්‍ය ඝාතන 34කට අදාළ පාතාල කල්ලියක් මෙහෙයවා රටින් පළා ගොස් සිටි සනත් ද සිල්වා නොහොත් මීටියාගොඩ රාජු ඊයේ (17) රාත්‍රියේ ශ්‍රී ලංකාවට රැගෙන ආ අතර, මත්ද්‍රව්‍ය කිලෝ 161ක් ප්‍රවාහනය කරමින් තිබූ බෝට්ටුවක් ද ගොඩබිමට රැගෙන ආවේය.
මීටියාගොඩ රාජු මෙහෙයවන ලද පාතාල කල්ලිය විසින් වෛද්‍යවරයෙකු ඇතුළු මනුෂ්‍ය ඝාතන 34ක ප්‍රධාන සැකකරුවෙකු වන අතර ඔහු ඉන්දියාවට පළා ගිය බවට සැක කෙරේ. මෙතෙක් කල් ඉන්දියාවේ රැඳී සිට ඉතාලියට පළා යාමට සූදානම් වූ අවස්ථාවේ අත්තඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට බාර දෙනු ලැබීය.
මේ අතර, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්තඩංගුවට ගෙන රැගෙන ආ පසු සිදු කරන ලද විමර්ශනයක දී සැඟවූ සිටි බෝට්ටු හිමිකරු ද අත්තඩංගුවට ගනු ලැබීය. මේ සම්බන්ධ වීඩියෝවක් පහතින් දැක්වේ.
0
Saru News
















