සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ‘ලොකු පැටී’ නමැත්තාගේ සහෝදරයෙකු වූ ‘පොඩි පැටී’ව වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කළ සැකකරුවෙකු අහුංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඉකුත් 16වනදා අහුංගල්ල, ලෝකන්වත්ත කනත්ත අසලදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි ‘පොඩි පැටී’ට ටී56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ දරා තිබුණි.
ඒ සම්බන්ධයෙන් අහුංගල්ල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අහුංගල්ල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු ඊයේ (17) රාත්‍රියේ කොස්ගොඩ, හෑගල්ල ප්‍රදේශයේ ලැඟුම්හලක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 මිලිග්‍රෑම් 760 ක්ද සොයාගැනීමට හැකිව ඇත.
සැකකරු අවුරුදු 45ක් වන පිටිගොඩ, කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය.
අහුංගල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
Saru News
















