ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව ඇති ඇමරිකානු ඩොලර් මිලියන 70ක මුදලක් වංචා කිරීමට බෝර්න් අගේන් කල්ලියක් සැරසෙන බව “සිරසෙන් ක්‍රිකට් රැකගැනීමේ සංසදය” පවසයි.
සිරසෙන් ක්‍රිකට් රැකගැනීමේ සංසදයේ කැඳවුම්කරු ප්‍රදීප් චාල්ස් සඳහන් කළේ ක්‍රිකට් නිල විකාශන අයිතිය සඳහා වූ ලංසු කැඳවීමේදී පරාජයට පත්වූ සිරස මාධ්‍ය ආයතනය ද මේ වනවිට ෂම්මි සිල්වා ඇතුළු වත්මන් ක්‍රිකට් පරිපාලනයට මඩ ගසමින් ක්‍රිකට් විනාශ කිරීමට කුමන්ත්‍රණය කරමින් සිටින බවයි.
“අපි මේ මාධ්‍ය හමුව කැඳෙව්වේ ක්‍රිකට් ආයතනයේ ඩොලර් මිලියන 70ක වංචාවකට සැරසෙන බෝර්න් අගේන් කල්ලිය ගැන හෙළිකරන්න. දැන් මේ වෙනකොට ඩොලර් මිලියන 70කට අධික මුදල් ප්‍රමාණයක් ක්‍රිකට් බෝඩ් එකේ තියෙනවා. ඒකට කෙළින්න හදන භූතයෝ ටිකක් ඉන්නවා. ෂම්මි හොරා ෂම්මි හොරා ෂම්මි හොරා කියලා – මේ ෂම්මි ක්‍රිකට් බෝඩ් එක වෙනුවෙන් එකතු කරලා ඉතුරු කරපු ඩොලර් මිලියන 70ට අරින්න හදනවා දැන් බෝර්න් අගේන් කල්ලියක් විසින්.
යම්කිසි මාධ්‍ය ආයතනයක් නිව්ස් එකක් හදලා තියෙනවා ජනාධිපතිවරයාගේ තීරණයක් අනුව ෂම්මිව ක්‍රිකට් බෝඩ් එකෙන් ඉවත් කරනවාය කියලා. මේ නිව්ස් එක සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝම ඉක්මනින් ප්‍රචලිත වෙලා යනවා. මම ප්‍රසිද්ධියේ අභියෝගයක් කරනවා ජනාධිපතිවරයා හෝ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් මාධ්‍යට ඇවිත් ප්‍රසිද්ධියේ කියන්න ෂම්මි සිල්වාට අයින් වෙන්න කියලා. ඔය 159ටම ඒක කරන්න බෑ. ෂම්මි සිල්වා හොරකම් කරලා තියෙනවා නම් එක නඩුවක් දාන්න කියන්න පුළුවන් නම් … දාන්න බෑ.
අපේ ගාව සාක්ෂි තියෙනවා මේ විකාශනය අයිතිය පිළිබඳ බිඩ් එක සිරස පැරදුණේ කොහොමද කියන්න. මේ බිඩ් එක සිරස පැරදුණේ ඉන්දියානු මැච් ෆික්සින්කරුවකුගෙන් මුදල් ලබාගෙනද කියන සැකය අපිට තියෙනවා. බිඩ් එක දිනුවේ ඩයලොග් ආයතනය. ෂම්මි සිල්වා නෙවෙයි බිඩ් එක දුන්නෙ. අපිට කියන්න තියෙනවා සිරස කොහොමද බිඩ් එක දිනන්න ඉස්සෙල්ලාම බිඩ් එක දිනුම් කියලා එනවුන්ස් කළේ කියලාත්. දැන් සිරසට වෙලා තියෙන්නෙ අර ඉන්දියන්කාරයාට උත්තර දෙන්න බැරි එක. මේ දවස්වල සිරස අලුතින් ඉපදුණා වගේ ක්‍රිකට්වලටම නිව්ස් වෙන් කරලා ෂම්මි සිල්වාව ගෙදර යවන වෑයමක ඉන්නෙ.
ඔය ක්‍රිකට් බෝඩ් එකට විරුද්ධව බොරු ජනමතයක් හදලා ක්‍රිකට් බෝඩ් එකට විරුද්ධව ජනතාව පෙළගස්වන්න හදන සිරසට අපි කියනවා ඕගොල්ලන්ගෙ නාලිකාවේ ප්‍රසිද්ධ විවාදයකට මම එන්නම්, අපි සූදානම් ඕගොල්ලො බිඩ් එක පැරදුනේ කොහොමද, බිඩ් එක ඩයලොග් ගත්තෙ කොහොමද, ඩයලොග් ප්‍රධාන විකාශන අයිතිය ගත්තාට පස්සෙ ඉඳලා ඕගොල්ලන්ට ක්‍රිකට් පිළිබඳ කැක්කුම හැදුනෙ කොතනින්ද කියලා අපි ඔප්පු කරන්න සූදානම්. ඔය මාධ්‍ය ආයතනය නිර්මාණය කරපු මහාරාජා මහතාටත් නින්දාවක් මේ කරන වැඩේ. නිල විකාශන අයිතියක් නැතිවුණු පලියට මේ වගේ මඩගහලා, තොරතුරු විකෘති කරලා, ක්‍රිකට් ලෝලීන් අතර වෛරයක් ඇතිකරලා, ක්‍රිකට් බෝඩ් එකට මේ කරන්න හදන අපරාධය මේ රටේ ක්‍රිකට්වලට කරන්න හදන විනාශයක්.
ක්‍රිකට් බෝඩ් එකට ව්‍යවස්ථාවක් තියෙනවා. අයිසීසී එකටත් ව්‍යවස්ථාවක් තියෙනවා. 2032 වෙනකල් ෂම්මිව අයින් කරන්න බෑ. මේ ව්‍යවස්ථාවට උඩින් ගිහින් ෂම්මිව එළියට දාන්න හදන යම්කිසි නඩයක් ඉන්නවා නම් සියලු සාක්ෂි සහිතව අපිට අධිකරණයට යන්න සිද්ධ වෙනවා. මොකද, ක්‍රිකට් බෝඩ් එකේ මුදල් නැතිව, කිසිම දෙයක් නැතිව තියෙනකොට ඔය කිසිම හාදයෙකුට ක්‍රිකට් ගැන කිසිම ආදරයක් තිබුණෙ නෑ. දැන් ක්‍රිකට් බෝඩ් එක ඇතුළෙ ඩොලර් මිලියන 70ක් තියෙනවා, බෝර්න් අගේන් සෙට් එක්කට දැන් පුදුම ආදරයක් මේ ක්‍රිකට් ගැන ඇතිවෙලා තියෙන්නෙ.
බිඩ් එකට වැඩි ගාණක් දාලා තිබුණා නම් සිරසට ලැබෙනවානෙ. ඩයලොග් වැඩි ගාණක් දුන්න නිසානෙ ඩයලොග් එකට ලැබුණෙ. සිරසට මේ කැක්කුම ආවෙ බිඩ් එක ලැබුණෙ නැති නිසානෙ. ඒක අපිට පැහැදිලියි. අපි ජනාධිපතිතුමාටත් කියනවා මේකෙ බෝර්න් අගේන් කල්ලියට ඉඩදෙන්න එපා. ෂම්මි සිල්වා ක්‍රිකට් සම්බන්ධ හොරකමක්, වංචාවක් කරලා තියෙනවා නම් වහාම නඩු දාන්න. රටට ඇත්ත ඔප්පු කරලා ඉන්න.දේශපාලනීකරණයෙන් බලහත්කාරයෙන් මේවා ගන්න ඉඩදෙන්න එපා”
සිරසෙන් ක්‍රිකට් රැකගැනීමේ සංසදයේ කැඳවුම්කරු ප්‍රදීප් චාල්ස් මේ බව පැවසුවේ ඊයේ (22) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
The post ක්‍රිකට් ආයතනයේ ඩොලර් මිලියන 70කට විදින වෑයමක් – සිරසෙන් ක්‍රිකට් රැකගැනීමේ සංසදය හෙළිකරයි appeared first on LNW Sinhala.
Saru News
















