වවුනියාවේ අඩු ආදායම්ලාභී පවුල් වෙත වැසි ජල ටැංකි

0
3

වවුනියා දිස්ත්‍රික්කයේ පවතින පානීය ජල හිඟයට විසඳුමක් ලෙස අඩු ආදායම්ලාභී පවුල් වෙත වැසිජල ටැංකි 50ක් බෙදාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. 

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ, නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේය. 

එහි ප්‍රථම අදියර ලෙස වැසිජල ටැංකි 23ක් ජනතාව වෙත බෙදාදීම සිදුකර ඇත. 

මෙම වැඩසටහන සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව ප්‍රදේශයේ දුෂ්කර ගම්මානවල ජීවත් වන ජනතාවට ප්‍රතිලාභ ලබාදීම සඳහා ක්‍රියාත්මක කරනු ලබයි. 

මෙම වැඩසටහන මඟින් පානීය ජල හිඟයෙන් පීඩාවට පත් පවුල් සඳහා තිරසාර විසඳුමක් ලබාදීම අපේක්ෂා කරන කෙරේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here