සයිබර් ප්‍රහාරය ගැන විමර්ශනවලට පූර්ණ සහාය ලබා දෙනවා – ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් – Saru News | සිංහල

0
3

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක සහ නිලධාරියෙකුගේ ඊමේල් ගිණුම් හරහා හැකර්කරුවන් ඇතුළු වී සිදුකළ සොරකමක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය දැනුවත්ව සිටින බව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකා බලධාරීන් මේ පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවත් එම විමර්ශනයට සහාය වන ඕස්ට්‍රේලියානු නිලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවත් මේ අතර සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය යථා තත්වයට පත් කිරීම සඳහා සහාය වීමට ඕස්ට්‍රේලියාව තවදුරටත් කැපවී සිටින බවද ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සිය නිවේදනයෙන් සඳහන් කරයි.

ශ්‍රී ලංකාව සහ විදේශීය රාජ්‍යයන් අතර පවතින ගිවිසුම්වලට අනුගතව, අදාළ සම්බන්ධීකරණයන් සහ එකඟතාවයන් සහිතව, මේ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කෙරෙනු ඇති බව සඳහන් වේ.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here