උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

0
2

පළාත් කිහිපයක උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නික්තු කර තිබේ.

අද (14) ප.ව. 03.30ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (15) දිනය සඳහා වලංගු වන පරිදි නිකුත් කර ඇත.

උතුරු, උතුරු – මැද, වයඹ, බස්නාහිර, නැගෙනහිර සහ දකුණු පළාත්වලත් සහ මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවැතිය හැකි බවය.

ඒ අනුව මේ සම්බන්ධව අවධානය යොමු කරමින් මිනිස් ශරීර සෞඛ්‍ය තත්ත්වයට විය හැකි බලපෑම අවම කර ගැනීමට කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here