චීනය විසින් චන්ද්‍රිකා 8ක් රැගත් ‘Lijian-1 Y12’ රොකට්ටුව අද (14) සාර්ථකව අභ්‍යවකාශයට ගත කර තිබේ.
වයඹදිග චීනයේ පිහිටි ඩොන්ග්ෆෙන්ග් (Dongfeng) වාණිජ අභ්‍යවකාශ නවෝත්පාදන නියමු කලාපයේ සිට බීජිං වේලාවෙන් පස්වරු 12:03ට මෙම රොකට්ටුව ගුවන්ගත කෙරිණි.
එමඟින් රැගෙන ගිය චන්ද්‍රිකා අටම නියමිත කක්ෂයන් වෙත සාර්ථකව යොමු කිරීමට හැකි වූ බව චීන බලධාරීන් තහවුරු කර ඇති බව එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Saru News
















