LPL පැවැත්වෙන කාලසීමාවේ වෙනසක්

0
2

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එළැඹෙන ජූලි මාසයේ දී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ, තරග පැවැත්වෙන කාලසීමාව සංශෝධනය කර තිබේ.

නව සංශෝධනයට අනුව තරගාවලිය ජූලි 10වනදා ආරම්භ කර, අගෝස්තු 5වනදා අවසන් කිරීමට නියමිතය.

මෙය මීට පෙර ජූලි 8 ආරම්භ කර අගෝස්තු 8 අවසන් කිරීමට කටයුතු යොදා තිබුණි.

මේ අතර නව සංශෝධනයත් සමග තරගාවලියේ තරගද ක්‍රීඩාංගණ 4කදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව මීට පෙර තරග පැවැත්වීමට කටයුතු යොදා තිබූ කොළඹ ආර්. ප්‍රේමදාස, පල්ලෙකැලේ සහ දඹුල්ලට අමතරව කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ද තරග පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකාවේ හා ඉන්දියවේ සම සත්කාරකත්ව යටතේ පැවති T20 ලෝක කුසලානයට ක්‍රීඩාංගණ සකස් කිරීම එවර තරගාවලිය කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කළේය.

මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ LPL තරගාවලියේ 6වන අදියරය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here