මහා භාණ්ඩාගාරය විසින් ද්වීපාර්ශ්වික එකඟතාවක් මත ඔස්ට්‍රේලියාවෙන් ලබාගත් ණය මුදල ආපසු ගෙවීමේදී එහි තොරතුරු හැකර්වරුන් විසින් ලබාගෙන ඔවුන් ව්‍යාජ ගිණුම් අංකයක් ලබා දී ලංකාව ආපසුගෙවූ ණය මුදල සොරාගෙන ඇතැයි වාර්තා වේ.
මෙය සිදුවී ඇත්තේ මීට මාස 03කට පමණ පෙරදී සිදුවූවක් බවද පැවසේ.
සිද්ධිය අනාවරණයවීමෙන් පසු නිලධාරින් පස් දෙනකුගේ වැඩ තහනම්කොට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද පැවසේ.
එසේ වැඩ තහනම් කර ඇත්තේ භාණ්ඩාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු, අධයක්ෂවරුන් දෙදෙනෙකු හා පරිගණක අංශයේ ප්‍රධානියකුගේය.
ඒ සඳහා තාක්ෂණ විමර්ශන කමිටුව නමින් පරීක්ෂණ කමිටුවක් පත්කර ඇති බවද වාර්තා වේ.
එය අතිරේක භාණ්ඩාගාර ලේකම්වරුන් දෙදෙනකුගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මකය.
අදාළ විමර්ශ කමිටුව වරද කළ අයගෙන්ම වරද කුමක්දැයි විමසීම හැර වෙන කිසිවක් කර නැතැයි ද පැවසේ.
මෙම ණය මුදල ගෙවීම සඳහා නිර්දේශ ලබාදිය යුත්තේ මහ භාණ්ඩගාර ලේකම්වරයා සහ අතිරේක ලේකම්වරුන් විසින්ය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ෆ්‍රී ලෝයර්ස් සංවිධානය විසින් කථානායකවරයාගෙන් ලිඛිත විමසීමක් ද කර තිබේ.
එම සංවිධානයේ සභාපති ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් කථානායකවරයාට යවන ලද ලිඛිත විමසීම පහත දැක්වේ.
Saru News















