පිරිපුන් කෙස් කළඹකට ස්වභාවික ප්‍රෝටීන් සත්කාරයක්

0
3

කොණ්ඩය ඝනව සහ පිරිපුන්ව පවත්වාගෙන යන්න නම් ප්‍රෝටීන් සත්කාර හරිම වැදගත්. නිවසේදීම කොණ්ඩයට ස්වභාවික ප්‍රෝටීන් සත්කාරයක් කර ගන්නා ආකාරය තමයි මේ ලිපියෙන් ඔබට කියන්න අපි හිතුවේ.

අවශ්‍ය දේවල්

  • අලිගැටපේර ගෙඩියක්
  • මීකිරි මේස හැදි 5
  • බිත්තරයක සුදු මදය සහ කහ මදය
  • ඔලිව් තෙල් හෝ එඬරු තෙල් මේස හැදි 2
  • විටමින් E කැප්සියුල් 2

සත්කාරය කරන අන්දම

  • මුලින්ම හිස ෂැම්පු කර කන්ඩිෂනර් නොයොදා හොඳින් සෝදා ගන්න.
  • අමුද්‍රව්‍ය සියල්ල මිශ්‍ර කර පැය බාගයක් පමණ තබන්න.
  • ඉන්පසු හිස් කබලේ ආලේප කරන්න.
  • කොණ්ඩය තීරු වලට බෙදා හොඳින් මුළු කොණ්ඩයේම ආලේප කර ගන්න.
  • මිනිත්තු තිහක් පමණ ඇඟිලි තුඩුවලින් කොණ්ඩය හොඳින් මසාජ් කර ගන්න.
  • ෂවර් කැප් එකකින් කොණ්ඩය ආවරණය කර පැය එකහමාරක් පමණ තබන්න.
  • ඔබට බිත්තර ගඳ ගැන ගැටලුවක් නැතිනම් ෂැම්පු කිසිවක් නොයොදා හිස සෝදා ගන්න. නැතිනම් බේබි ෂැම්පු යොදා හිස සෝදා ගන්න.
  • කුණු දූවිලි ඉවත් කරන ගුණයෙන් යුතු ෂැම්පු හෝ කන්ඩිෂනර් යොදන්න එපා.
  • කන්ඩිෂනර් අනවශ්‍ය වන්නේ අලිගැටපේර සහ මීකිරි කන්ඩිෂනර් එකක් ලෙස ක්‍රියා කරන නිසායි.
  • හෙයා ඩ්‍රයර් භාවිතා නොකර වියළි තුවායකින් පිසදමා ගන්න.

මේ දේවල් ද දැනගෙන සිටීම වැදගත්.

ඔබට තදබල ලෙස සෙම් රෝග තිබෙනවා නම් මෙය එතරම් සුදුසු සත්කාරයක් නෙවෙයි. ඒ වගේම තමයි දහවල් එකට පෙර මෙය සිදු කිරීම වැදගත්. ඩැමේජ් වූ කොණ්ඩයකට නම් සතියකට වතාවක්ද සාමාන්‍ය කොණ්ඩයකට මාසයකට වතාවක් ද මෙය සිදු කළ යුතු වෙනවා.හොඳටම ඩැමේජ් වී ඇති කොණ්ඩයක්නම් දින තුනකට වතාවක් ප්‍රතිකාරය සිදු කිරීම ගැටලුවක් නෙවෙයි.

තොරතුරු සැපයීම – රූපලාවණ්‍ය ශිල්පිනී මධූ ජයවීර

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here