තමන් ගැන අසත්‍ය ප්‍රචාරණයක් කළ අයෙයෙකුට එරෙහිව ඇමති ලාල්කාන්ත ගෙන් CID යට පැමිණිල්ලක් – Saru News | සිංහල

0
3

තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කරනු ලබන අසත්‍ය ප්‍රචාරණයක් සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග ඇමති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කර තිබේ.

ඒ, තමන් රුපියල් කෝටි 60ක අයථා මූල්‍ය ගනුදෙනුවක් සිදු කළ බවට, Facebook සමාජ මාධ්‍ය ජාලයේ ක්‍රියාත්මක වන “Top News Lk” නැමැති ෆේස්බුක් පිටුවෙහි වීඩියෝවක් ප්‍රචාරය කර ඇති අතර අනුරාධ තෙන්නකෝන් නමැති පුද්ගලයෙකු මේ පිලිබඳ ප්‍රකාශය සිදු කර ඇති බව එම වීඩියෝ පටයේ සඳහන් වේ.

එකී ප්‍රකාශයන් මඟින් ඇමති ලාල්කාන්තගේ කීර්ති නාමයට මෙන්ම අමාත්‍යාංශයේ නිල ක්‍රියාවලියට දෝෂාරෝපණය කරමින් එහි අක්‍රමවත් භාවයක් පවතින බව හුවා දැක්වීමට සංවිධානාත්මකව උත්සාහ කර ඇති බවද එම පැමිණිල්ලෙහි දක්වා තිබේ.

මෙය අමාත්‍යාංශයේ සහ ඇමති ලාල්කාන්තගේ ප්‍රතිරූපය සිතාමතා පලුදු කිරීමේ චේතනාවෙන් දියත් කරන ලද අසත්‍ය සහ ද්වේෂ සහගත මඩ ප්‍රචාරයක් මෙන්ම සංවිධානාත්මක කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවද පැමිණිල්ලෙන් සඳහන් වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා සෘජු හා විවෘත පරීක්ෂණයක් පවත්වා එහි සත්‍යතාවය අනාවරණය කර දෙන ලෙසයි එම පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here