සමුපෙන් අලුත් වැඩක් – මසකට රු. 10,000කට වඩා බඩු ගත්තොත් ලක්ෂ 03 ජීවිත රක්ෂණයක් – Saru News | සිංහල

0
4

මසකට රුපියල් 10,000කට වැඩි මුදලක් වැයකර සමුපකාර වෙළෙඳසල්වලින් භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයන්ට රුපියල් ලක්ෂ තුනක පමණ ජීවිත රක්ෂණයක් නොමිලේ ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ අනුරාධපුර විවිධ සේවා සමුපකාරය සඳහා නියෝජිතයන් තෝරා ගැනීමේ මැතිවරණයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්ව­මිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“මේ අයුරින්ම සමුපකාර සාමාජිකයන් සියලු දෙනාටත්, සේවකයන්ටත් ජීවිත රක්ෂණයක් දීමට කටයුතු කරනවා. සේවකයන් සඳහා තෘප්තිමත් වැටුපක් මෙන්ම පහසුකම් සහිත සමුපකාර ව්‍යාපාරයක් ඇති කරනවා. සමුපකාර ව්‍යාපාරය ආර්ථිකයේ කොටසක් බවට පත්කිරීම රජයේ අරමුණයි. සමුපකාර ව්‍යාපාරය මාලිමාවේ දැවැන්ත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් හරහා ඉදිරියට ගෙන එනවා. ඒ ඔස්සේ සෑම ප්‍රාදේශිකයකට කෝප් සිටියක් ආරම්භ කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දෙනවා. එමෙන්ම නාගරික ප්‍රදේශවල දැවැන්ත කෝප් සිටි පවත්වාගෙන යෑමට අඩු පොලී යටතේ ණය මුදලක් දීමටත් පියවර ගන්නවා.”


3

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here