හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් කොළම්බු නමැති සමාගමෙන් ලබාගත් රුපියල් මිලියන 70ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන මැයි 29දා සිට ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය විනිසුරු නදී අපර්ණා සුවර්ණාගොඩ ඊයේ (23) නියෝග කර තිබේ.
එම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේ ඇප මත මුදාහැර සිටි විත්තිකාර නාමල් රාජපක්ෂ අධිකරණයේ පෙනී සිට ඇත.
අධිචෝදනා පත්‍රයේ සඳහන් ලේඛන පැමිණිල්ල විසින් විත්තියට භාරදී ඇත.
රග්බි තරගාවලියක් පැවැත්වීම සඳහා 2012 වසරේ ඔක්තෝබර් 15දා සහ 2013 වසරේ ඔක්තෝම්බර් 14දා අතර කාලය තුළදී රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා වන්නකුවත්ත වඩුගේ දොන් නිමල් හේමසිරි පෙරේරා යන අය මාර්ගයෙන් රුපියල් මිලියන 70ක මුදලක් ගෙන සාවද්‍ය පරිහණය කිරීමේ චෝදනාව යටතේ චුදිතට එරෙහිව චෝදනා ගොනු කරන ලදි. මෙම නඩුව ගොනුකර ඇත්තේ `දූෂණ විරෝධි හඬ’ සංවිධානයේ එවකට කැඳුම්කරු වත්මන් වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ ඇතුළු පිරිසක් විසින් 2016 වසරේදී පොලිස්පති වෙත කළ පැමිණිල්ලක් අනුවය.
0
Saru News
















