ඩබල් කැබ් රථයක සූක්ෂ්ම ලෙස අසුරා ප්‍රවාහනය කරමින් තිබූ පුපුරන ද්‍රව්‍ය තොගයක් වීරකැටිය කසාගල අධිවේගි පිවිසුම් මාර්ගය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මෙහෙයුම දියත් කරනු ලැබ ඇත්තේ වීරකැටිය පොලිසිය විසිනි.
වෙඩි බෙහෙත් කිලෝ ග‍්‍රෑම් 14ක් ඇමෝනියා කිලෝ ග‍්‍රෑම් 350ක් ජෙනරේටර් 490ක් ජෙලට් නයිට් කූරු 240ක් සහ අඩි 5600ක පමණ වෙඩි බෙහෙත් වයර් තොගයක් සමග සැකකරුවෙකු සහ කැබ්රථය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී කළු ගල් කැඩීමට ගල් වෙඩි දැමීම සඳහා මෙම පුපුරන ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් තිබූ බව පවසා තිබේ.
එහෙත් සූක්ෂ්ම ලෙස අසුරා නීති විරෝධීව ප්‍රවාහනය කිරීම පිළිබඳව වැඩිදුරටත් පොලිස් පරීක්ෂණ පැවැත්වේ.
1
Saru News
















