නලීන් බණ්ඩාර කියපු බොරුව ගැන ක්‍රියාමාර්ග ගන්නා බව RDA කියයි – Saru News | සිංහල

0
3

මාර්ග සංවර්ධන අධිකාරියේ ගෙවීමක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සිදු කර ඇති අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කර තිබේ.

කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් මිලියන 380කට අධික මුදලක් ද්විත්ව ගෙවීමක් කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර විසින් අසත්‍ය ප්‍රකාශයක් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බවත් මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම කාරණයේදි මූල්‍ය අක්‍රමිකතාවයක් සිදු වී ඇති බවට වන කාරනය සමග මාර්ග සංවර්ධන අධිකාරිය සම්බන්ධ කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් නොමග යවන, වගකීම් විරහිත සහ පදනම් විරහිත බවද  මාර්ග සංවර්ධන අධිකාරිය නිකුත් කර තිබෙන නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here