‘හෝමාගම ගගන’ගේ ගෝලයෙක් කොටුවෙයි

0
3

රුපියල් කෝටි 12ක් පමණ වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 12ක් සමගින් සැකකරුවෙකු බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් හෝමාගමදී ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ප්‍රසාද් නිශාන්ත කොළඹගේ නැමැත්තෙක්ය.

ඔහු විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘හෝමාගම ගගන’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන අයෙකු බවට මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවේ පසුවන සැකකරුවන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ලද තොරතුරු මත මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

ඩුබායි රාජ්‍යයේ පොලිස් අත්අඩංගුවේ සිටින බව කියන රංජිත් පෙරේරා නොහොත් ‘කොණ්ඩ රංජිත්’ නමැති සංවිධානාත්මක අපරාධකරුවෙකු ඇතුළු මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමෙන් ආරම්භ වූ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය තුළින් මේ වනවිට මත්ද්‍රව්‍ය කිලෝ 37ක් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

ඒ යටතේ ඩුබායි පොලිස් අත්අඩංගුවේම රතු වරෙන්තුකරුවකු, සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රංජිත් කුමාර නොහොත් ‘කොන්ඩ රංජි’ නැමැත්තාගේ ප්‍රධානතම ගෝලයකුද රුපියල් කෝටි 30කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටියි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here