ඔබට අවශ්‍ය දීප්තිමත් සමක් නම් මේ විටමින් වර්ග අමතක කරන්න එපා

0
14


ඔබේ ශරීරය නිරෝගීව තබා ගැනීමට විටමින් අත්‍යවශ්‍ය වනවා. ඒ ආකාරයටම ඔබේ සම සඳහාත් විටමින් අත්‍යවශ්‍යයි.ඔබේ සමේ සෞඛ්‍ය පවත්වාගෙන යාම සඳහා විටමින් විශාල කාර්යභාරයක් ඉටු කරනවා. සම නීරෝගීව තබා ගැනීමට , සම අකලට වියපත් වීම වළක්වා ගැනීමට , සමේ රැළි ඇතිවීම සහ අඳුරු කව ඇතිවීම වළක්වා ගැනීමට , සම අව පැහැ ගැන්වීම වළක්වා ගැනීමට සහ සම දීප්තිමත්ව තබා ගැනීමට සමට විටමින් අවශ්‍ය වනවා. සමහර වේලාවට අප ලබා ගන්නා ආහාර වලින් ලැබෙන විටමින් මේ සඳහා ප්‍රමාණවත් වන්නේ නැහැ. එවැනි අවස්ථාවලදී වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ලබා ගැනීමට සිදුවනවා .ඒ කෙසේ වෙතත් සම නීරෝගීව තබා ගැනීමට අවශ්‍ය වන විටමින් පිළිබඳවයි අද අපි ඔබව දැනුවත් කරන්නේ.

වයසට යාමේ සලකුණු අවම කර ගැනීමට අත්‍යවශ්‍ය වන විටමින් වර්ගයක් ලෙස විටමින් A සැලකෙනවා. 

විටමින් A සම මත ක්‍රියා කරන්නේ කෙසේද?

සියුම් රේඛා සහ රැළි අඩු කරයි

සමේ නම්‍යතාවය වැඩි කරයි

කොලජන් නිෂ්පාදනය වැඩි කරයි 

සමේ පෙනුම වැඩි කරයි

කුරුලෑ ඇතිවීම අවම කරයි 

විටමින් A අඩංගු ආහාර මොනවද ?

බතල

නිවිති

බිත්තර කහ මදය

කැරට්

බෙල් පෙපර්

තක්කාලි

හිරු කිරණ වලට නිරාවරණය වීමෙන් දෛනික විටමින් ඩී මාත්‍රාව ඔබේ සමට ලැබෙන අතර අධික ලෙස හිරු එළියට නිරාවරණය වීමෙන් ඔබේ සමට හානි ඇතිවිය හැකියි. මේ ආකාරයට දිගු කලක් සිදුවීමෙන් සියුම් රේඛා සහ අඳුරු ලප ඇති වීමේ සම්භාවිතාවයක් තිබෙනවා. විටමින් B3 මගින් මෙවැනි හානි වලින් ඔබේ සම ආරක්ෂා කරනවා.

විටමින් B3 සම මත ක්‍රියා කරන්නේ කෙසේද ?

සමේ වර්ණය සහ ප්‍රත්‍යස්ථභාවය වැඩි දියුණු කරයි

සම වයසට යාම අවම කරයි

හිරු කිරනින් සමට විය හැකි හානි වළක්වයි

hyper pigmentation තත්ත්වයන් අවම කරයි 

සම මත අඳුරු ලප ඇතිවීම අවම කරයි

විටමින් B3 අඩංගු ආහාර මොනවද? 

හතු

අලි ගැට පේර

මුං ඇට

රටකජු

බෝංචි ඇට

සූරියකාන්ත බීජ

ටූනා මාළු



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here