ජයත්‍ර සම්පත්ගෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

0
4

චීනයේ සාන්යා හිදී පැවැත්වෙන 6වන ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළේදී අද (25) පැවති පිරිමි දුර පැනීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ජයත්‍ර සම්පත් මිරැන්ඩා අද (25) සමත් විය.

මෙම පදක්කමත් සමග ශ්‍රී ලංකාව මේ දක්වා ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක්, ලෝකඩ පදක්කම් 2ක් සමග පදක්කම් 3ක් දිනාගැනීමට සමත්ව සිටියි.

ඒ අනුව ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ 5වන ස්ථානය හිමිව ඇත.

රන් පදක්කම් 2ක් දිනා සිටින වියට්නාමය මේ වනවිට  පදක්කම් සටහනේ පෙරමුණ හිමිකරගෙන ඇති අතර, සත්කාරක චීනයට එහි දෙවන ස්ථානය හිමිව තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here