නුවර දළදා පෙරහැරට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් තිබෙන බවට උදය ප්‍රභාත් ගම්මන්පිල මාධ්‍ය හමුවක් පවත්වමින් කරන ලද ප්‍රකාශය අතිශය බරපතළ බව විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.
ඔහු ප්‍රකාශ කර තිබුණේ අන්තවාදී පුහුණුව ලත් 300කට අධික පිරිසක් නිදැල්ලේ සිටින බැවින් මෙවැනි ප්‍රහාරයක් එල්ල කළ හැකි බවයි. 2019දී එල්ල කරන ලද පාස්කු ඉරුදින ම්ලේච්ඡ ප්‍රහාරයෙන් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ප්‍රකාශ මත අන්තවාදී පුහුණුවීම්වලට සහභාගී වූ අය නිදැල්ලේ වෙසෙන බව හෙළි වී තිබියදී ගම්මන්පිලද ඇමති ධුරයක් දැරූ ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී මෙන්ම ඉන්පසු රනිල් වික‍්‍රමසිංහ පාලන සමයේදීද එම අන්තවාදීන් සම්බන්ධයෙන් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගෙන තවදුරටත් අන්තවාදය පෝෂණය කරන ලද ආකාරය විශ්ලේෂකයන්ගේ අවධානයට ලක් වී ඇත.
මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පවත්වාගෙන යන Mediya.lk යූ ටියුබ් නාලිකාව තුළින් මේ සම්බන්ධයෙන් ඔහු හෙළිකරන සම්පූර්ණ විස්තරය ඇතුළත් වීඩියෝව පහත දැක්වේ.
9
Saru News













