ප්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරා සමුගනී

0
3

ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක මෙන්ම අතිදක්ෂ ලේඛකයකු වූ ටෙනිසන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 86 වැනි වියේ පසුවිය.

කෙටිකතා, නවකතා සහ පරිවර්තන ඇතුළුව ටෙනිසන් පෙරේරා විසින් රචිත කෘති සංඛ්‍යාව 100 කට අධිකය.

1967 වසරේදී ඔහු විසින් රචනා කරන ලද “දැති රෝදෙන් උපන් බුදුන්” කෙටිකතා සංග්‍රහය රජය විසින් තහනම් කරන ලදී. එය මෙරට තහනමට ලක්වූ පළමු ග්‍රන්ථය වශයෙන් සැලකේ. එම කෘතිය ලිවීමෙන් බුදු දහමට අපහාස කරන ලද බව පවසමින් පොලීසිය විසින් ඔහුව අත් අඩංගුවට ගත් අතර ඔහුව CID මූලස්ථානයට ගෙනගොස් ප්‍රශ්න කෙරිණි.

ටෙනිසන් පෙරේරා මහතා නව සාහිත්‍ය ප්‍රවණතා ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට මුල්වූ ලේඛකයින් අතර ඉදිරියෙන්ම සිටි අයෙකු විය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here