2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම හෙට (24) මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, අයදුම්පත් භාර ගැනීම 2026 මාර්තු 24 සිට 2026 අප්‍රේල් 24 දක්වා මාර්ගගත ක්‍රමය මඟින් පමණක් සිදු කළ බවය.
අයදුම් කිරීම 2026 අප්‍රේල් 24 වන දින මධ්‍යම රාත්‍රී 12.00 පසු සම්පූර්ණයෙන් වසා දැමෙන අතර, කිසිදු හේතුවක් මත දිගු කිරීමක් සිදු නොකරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
අයදුම්කරුවන්ට අවශ්‍ය විමසීම් සඳහා පහත සඳමන් දුරකථන අංක හෝ විද්‍යුත් තැපෑල මඟින් විභාග දෙපාර්තමේන්තුව අමතන ලෙසද දැනුම් දී ඇත.
දුරකථන අංක :- 0112785922/0112784208/0112784537
ෆැක්ස් අංක :- 0112784422
විද්‍යුත් තැපෑල :- [email protected]
Saru News
















