පාර්ලිමේන්තු පරිපාලන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරිණියක සඳහා ලබා දී තිබූ ස්ථාන මාරුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පාර්ලිමේන්තු මහලේකම් කුශානි රෝහණදීරට නියෝග කර තිබේ.
අදාළ නිලධාරිණිය මේ වනවිට වැඩ තහනමට ලක්ව සිටින පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම්ට එරෙහිව පැවැත්වෙන දූෂණ විමර්ශනයක ප්‍රධාන සාක්ෂිකාරියක් බවද පැවසේ. එසේ සාක්ෂිකාරියක්ව සිටියදී ඇයව අප්‍රේල් 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මහජන පෙත්සම් කාරක සභාව වෙත මාරු කර යැවීමට මහලේකම් කුශානි රෝහණදීර පියවර ගෙන ඇත.
එහෙත් එම ස්ථාන මාරුවීම දැනට පවතින විමර්ශන කටයුතුවලට බාධාවක් විය හැකි බව පෙන්වා දෙන අල්ලස් කොමිසම, සාක්ෂිකරුවන්ට බලපෑම් ඇති වීම වැළැක්වීම සහ විමර්ශනවල විනිවිදභාවය රැක ගැනීම සඳහා විමර්ශන අවසන් වන තෙක් එම තීරණය ක්‍රියාත්මක නොකරන ලෙස දන්වා ඇත.
2
Saru News













