හැකර්වරුන් අතට පත්වුනේ ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍යාතනයට ගෙවිය යුතු මුදලක් – ඇමති (වීඩියෝ)

0
4

ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍යාතනයට ගෙවිය යුතු මුදල හැකර්වරුන් අතට පත්වීම සම්බන්ධව කම්කරු ඇමැති සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත මහතා පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ඔහු මේ බව පැවසුවේ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍යාතනයක් මහා භාණ්ඩාගාරයත් අතර අදාල සන්නිවේදන කටයුතු, මුදල් පියවීමේ කටයුතු කිරීමට අදාල තොරතුරු හුවමාරු කරගනු ලබන්නේ අන්තර්ජාලය හරහා ඊමේල් පණිවිඩ මාර්ගයෙන් බවත්, මෙම ඊමේල් පණිවිඩ හුවමාරු යාන්ත්‍රණය හැක් කර ඔවුන් තොරතුරු හුවමාරු කරගෙන ඇතැයිද ඔහු මෙහිදී පැවසීය.

ඔහු තවදුරටත් මෙසේද පැවසීය :

“මේ හැකර්කරුවන් විසින් තවත් මෙවැනි ආකාරයට මුදල් ලබා ගැනීමට උත්සාහ දරා තිබෙනවා ඉන්දියාවට ගෙවිය යුතු මුදල් සම්බන්ධයෙනුත්.ඒ අනුව සැක මතු වෙච්ච නිසා, ගිණුම් අංක වෙනස් වන බව දැනගත්තු පළවෙනි මොහොතෙම, මහා භාණ්ඩාගාරය විසින් ශ්‍රී ලංකා පොලිසියේ පරිඝනක අපරාධ විමර්ශන අංශයටත්, ඒ වගේම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයටත් මේ පිළිබඳව දැනුවත් කළා. ඔවුන් දීර්ඝ පරීක්ෂණයක් කළා… ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා, නැවත ගෙවීම සිදුකිරීමේ අදාල සන්නිවේදන කටයුතු ආරම්භ කරපු තැන ඉඳලා ඉදිරියට පරීක්ෂණ කටයුතු කරගෙන ආවා. එහි ප්‍රථිඵලයක් විදියට තමයි අපිට හොයාගන්න පුලුවන් වුනේ ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍යාතනයට ගෙවිය යුතු මුදල මේ හැකර්කරුවන්ගේ ගිණුම් වලට ගිහිල්ලා කියලා. ඒ අනුව, වහාම නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලා මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු වෙමින් යනවා. ඊට අමතරව, මහා භාණ්ඩාගාරයේ අභ්‍යන්තරව, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරුන් දෙදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පරීක්ෂණයක් කරලා මේ සන්නිවේදන කාර්යයේ මේ ගණුදෙනුව අතරට සම්බන්ධ වෙලා හිටපු නිළධාරීන්ගෙනුත් යම් විනය ක්‍රියාමාර්ග ගැටළු පැනනැගිලාද කියලා බලලා ඒ අනුව ඔවුන්ගේ නිර්දේශ මත යම් විනය ක්‍රියාමාර්ගත් මේ මොහොත වෙනකොට අරගෙන තියෙනවා.”

සාවද්‍ය තොරතුරු මත නොමග නොයන ලෙසද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

(වීඩියෝ : රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

📌සබැඳි පුවත් :

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here