තමන් හට 2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුලු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගීවීමට විරෝධතා නොමැති සහතිකය නිකුත් නොකිරීම එරෙහිව, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර විසින් ගොනු කර තිබූ පෙත්සම ඉවත් කරගෙන ඇතැයි වාර්තා වේ.
සහතිකය නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බලකිරීමේ අනිවාර්ය අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම, කොළඹ දිස්ත්‍රික් අධිකරණය හමුවේ ගොනු කර තිබුණි.
මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ ජී.ජී. අරූල්ප්‍රගාසම් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් IPL ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් දැනටමත් අවසන් වී ඇති නිසා මෙම ඉල්ලීම තවදුරටත් පවත්වාගෙන යාමට සිය සේවාදායකයා අපේක්ෂා නොකරන බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
ඒ අනුව අදාළ පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් අධිකරණය අනතුරුව එය නිෂ්ප්‍රභා කළේය.
අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන්, මීට පෙර නුවන් තුෂාර ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කරමින් සමාවද ඉල්ලා තිබුණි.
සබැඳි පුවත් :
Saru News















