පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවල ප්‍රගතිය ලබන මැයි මස 20 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ සිදු කරන විමර්ශනයකට අදාළව ගොනු කර තිබෙන නඩුවේ තෙවෙනි සැකකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කර සිටින සුරේෂ් සලේ අද දින අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.
ඔහු තවදුරටත් රැඳවුම් භාරයේ රඳවා තබා ගැනීමට අධිකරණය තවදුරටත් අද නියෝග කර ඇත.
0
Saru News
















