වීරසුමනගේ නාගරික මන්ත්‍රී සැමියා අයිස් සමග මාට්ටු – Saru News | සිංහල

0
2

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ සභාපතිත්වය දරණ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරන මාතර මහ නගර සභාවේ මන්ත්‍රී හසලා සුරවීරගේ සැමියා අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලි ග්‍රෑම් 400ක් සමග මාතර ඉසදීන් නගරය ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති මාතර, හම්බන්තොට දිසා අපරාධ ඒකකය විසින් පසුගිය 17 වනදා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු හා මත්ද්‍රව්‍ය පසුගිය 18 වනදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් මස 30 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුගේ බිරිඳ මාතර මහ නගර සභාවේ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා කොමිනිස්ට් පක්ශයේ නාගරික මන්ත්‍රීවරියක් වන හසලා සුරවීර බවට කරුණු අනාවරණය වූ බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here