සුප් කියන්නේ සකස් කිරීමට පහසුම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්. සැහැල්ලු සහ පෝෂ්‍යදායී ආහාරයක් වන සුප් සියලුම වයස් කාණ්ඩ සඳහා වගේම දවසේ ඕනෑම වේලාවක ආහාරයට ගැනීම සඳහා සුදුසු වෙනවා. උණුසුම් සුප් බඳුනක් ආහාර ජීර්ණය වැඩි දියුණු කිරීමට, ප්‍රතිශක්තිය වැඩි කිරීමට සහ ශරීරය සජලනය කිරීමට උපකාරී වන අතර සරල අමුද්‍රව්‍ය භාවිතා කරමින්, ඔබට වැඩි උත්සාහයකින් තොරව නිවසේදී පෝෂ්‍යදායී සුප් බඳුනක් සකස් කරගන්නට හැකියාව තියෙනවා. මේ ලිපියෙන් ඔබට කියන්නේ පහසුවෙන් සහ අඩු වේලාවක් ඇතුළත සකස් කරගත හැකි පෝෂ්‍යදායී සුප් වර්ග කිහිපයක් ගැනයි.
Vegetable clear soup

අවශ්‍ය වෙන්නේ මේ දේවල්
මිශ්‍ර එළවළු කෝප්ප 1 (කුඩාවට කපා ගත් කැරට්, බෝංචි , ගෝවා )
තලා ගත් සුදුලූණු ස්වල්පයක්
කුඩාවට කපාගත් ළූණු ගෙඩි 1
වතුර කෝප්ප 3
රස අනුව ලුණු
ගම්මිරිස් ස්වල්පයක්
චොප් කර ගත් පාස්ලි
හදන්නේ මෙහෙමයි
භාජනයකට එළවළු, ළූණු, සුදුළූණු සහ ජලය එකතු කරන්න
ඉන්පසුව භාජනය ලිප තබා විනාඩි 10-15 ක් මද ගින්දරේ පිස ගන්න
රස අනුව ලුණු සහ ගම්මිරිස් එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න
පිළිගන්වන විට චොප් කරගත් පාස්ලි ස්වල්පයක් එකතු කරන්න
පෝෂණ ප්‍රතිලාභ
එළවළු සුප් විටමින්, ඛනිජ ලවණ සහ ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ය. එමගින් ආහාර දිරවීමට සහාය වීම සහ ප්‍රතිශක්තිය වැඩි දියුණු වීම සිදුවනවා වගේම කැලරි ප්‍රමාණය අඩු බැවින් දෛනික පරිභෝජනයට ද සුදුසු වනවා.
Chicken soup

අවශ්‍ය වෙන්නේ මේ දේවල්
කුකුල් මස් ග්‍රෑම් 200
කුඩාවට කපා ගත් ළූණු ගෙඩි 1
කුඩාවට කපා ගත් සුදුළූණු 2
කුඩාවට කපා ගත් කැරට් කෝප්ප 1
කුඩාවට කපා ගත් බෝංචි සහ ගෝවා කෝප්ප 1
වතුර කෝප්ප 5 – 6
රස අනුව ලුණු
ගම්මිරිස් ස්වල්පයක්
හදන්නේ මෙහෙමයි
පිරිසිදු කර ගත් කුකුල් මස්, ළූණු, සුදුළූණු, කැරට් ,බෝංචි සහ ගෝවා බඳුනකට එකතු කර ගන්න
ඉන් පසුව එයට වතුර කෝප්ප 5- 6 ප්‍රමාණයක් එකතු කර ගන්න
මෙය මද ගින්දරේ විනාඩි 20-25 අතර කාලයක් තම්බා ගන්න.
කුකුල් මස් කැබලි කර, නැවත එකතු කර, පදම් කර තවත් විනාඩි පහක් පමණ පිස ගන්න
පෝෂණ ප්‍රතිලාභ
කුකුළු මස් සුප් වල ප්‍රෝටීන් බහුල වන අතර ප්‍රතිශක්තිය වැඩි කිරීමට උපකාරී වනවා. එය සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ වැනි රෝග වලින් පෙළෙන විට ශරීරය සන්සුන් කිරීම සහ ආහාර රුචිය වැඩි කිරීමද සිදු කරනවා.ප්‍රෝටීන් බහුල මෙවැනි සුප් වර්ග මාංශ පේශි යථා තත්ත්වයට පත් කිරීමට සහාය වන අතර ශරීරයට ශක්තිය ලබා දෙනවා.
Pumpkin soup

අවශ්‍ය වෙන්නේ මේ දේවල්
කොටු කපා ගත් වට්ටක්කා කෝප්ප 1
කුඩාවට කපා ගත් ළූණු ගෙඩි 1
තලා ගත් සුදුලූණු ස්වල්පයක්
වතුර කෝප්ප 3- 4
රස අනුව ලුණු
ගම්මිරිස් ස්වල්පයක්
Cooking cream මේස හැඳි 3
හදන්නේ මෙහෙමයි
වට්ටක්කා, ළූණු සහ සුදුළූණු මෘදු වන තෙක් හොඳින් තම්බා ගන්න
සුමට පේස්ට් එකක් ආකාරයට එනතුරු මිශ්‍ර කරන්න.නැතිනම් බ්ලෙන්ඩ් කර ගන්න
නැවත එම මිශ්‍රණය ලිප තබා කුකින් ක්‍රීම් ,ලුණු සහ අවශ්‍ය පමණට ගම්මිරිස් එකතු එකතු කර අඩු ගින්දරේ විනාඩි කිහිපයක් මිශ්‍ර කර ගන්න.
පෝෂණ ප්‍රතිලාභ
වට්ටක්කා සුප් වල විටමින් A සහ තන්තු බහුල වන අතර ඇස් වල සෞඛ්‍යයට, ආහාර ජීර්ණයට සහ සමේ සෞඛ්‍යයට දියුණු කර ගැනීමට ඒවා සහාය වනවා.
Dhal soup

අවශ්‍ය වෙන්නේ මේ දේවල්
රතු පරිප්පු කෝප්ප ½
කුඩාවට කපා ගත් කුඩා ළූණු ගෙඩි 1
තලා ගත් සුදුළූණු 1
වතුර කෝප්ප 2½
රස අනුව ලුණු
කහ සහ ගම්මිරිස් ස්වල්පයක්
හදන්නේ මෙහෙමයි
ජලය, ළූණු සහ සුදුළූණු සමඟ පරිප්පු මෘදු වන තෙක් ඉතා හොඳින් තම්බා ගන්න.
පසුව එය හැන්දකින් පොඩි කිරීම හෝ බ්ලෙන්ඩ් කිරීම කරන්න
නැවත එම මිශ්‍රණය ලිප තබා ලුණු, කහ සහ ගම්මිරිස් එකතු කර විනාඩි 5 ක් තම්බා ගන්න
පෝෂණ ප්‍රතිලාභ
පරිප්පු සුප් වල ශාක පදනම් වූ ප්‍රෝටීන්, යකඩ සහ තන්තු බහුල වන අතර එමගින් හෘද සෞඛ්‍යය වැඩි දියුණු කිරීම කෙරෙහි විශාල දායකත්වයක් සපයනවා. ඊට අමතරව ආහාර දිරවීම වැඩි දියුණු කිරීම සහ ඔබව දිගු කාලයක් තෘප්තියෙන් තබා ගැනීමත් සිදුවෙනවා.
Tomato soup

අවශ්‍ය වෙන්නේ මේ දේවල්
ඉදුණු තක්කාලි ගෙඩි 2
කුඩා ළූණු ගෙඩි 1
තලා ගත් සුදුළූණු බික් 1 – 2
වතුර කෝප්ප 2
රස අනුව ලුණු
ගම්මිරිස් ස්වල්පයක්
කුකින් ක්‍රීම් මේස හැඳි 3
හදන්නේ මෙහෙමයි
තක්කාලි, ළූණු සහ සුදුළූණු මෘදු වන තෙක් ඉතා හොඳින් තම්බා ගන්න
අනතුරුව එම මිශ්‍රණය හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න
ඉන්පසුව නැවතත් මිශ්‍රණය ලිප තබා රස අනුව ලුණු සහ ගම්මිරිස් ද , කුකින් ක්‍රීම් ද එකතු කර අඩු ගින්දරේ මිශ්‍ර කර ගන්න.
පෝෂණ ප්‍රතිලාභ
තක්කාලි සුප් වල ලයිකොපීන් සහ විටමින් සී වැනි ප්‍රතිඔක්සිකාරක බහුල වන අතර එමගින් ප්‍රතිශක්තිය වැඩි දියුණු කිරී, හෘද සෞඛ්‍යයට සහාය වීම සහ නිරෝගී සමක් ප්‍රවර්ධනය කිරීමට උපකාරී වනවා.
Saru News














