සුරේෂ් සලේ අධිකරණයට – Saru News | සිංහල

0
2

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දැඩි ආරක්ෂක විධිවිධාන මැද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

සැකකාර සුරේෂ් සලේ මෙලෙස අධිකරණයට රැගෙනවිත් ඇත්තේ ඉකුත් නඩු වාරයේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් කරනු ලැබූ නියෝගයකට අනුවය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ගොනු කර තිබෙන නඩුවේ තුන්වන සැකකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සුරේෂ් සලේ නම් කර ඇත.

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ නඩුව අද (22) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඉදිරියේ කැඳවීමට නියමිත ය.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here