සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන නීති නිලධාරියෙකු, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මොහොත වනවිට විශ්‍රාමික ගොස් සිට ඔහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති නිලධාරියා වශයෙන් කටයුතු කළ සමයේදී, එම අමාත්‍යාංශය වෙත බදු පදනම මත ගොඩනැගිල්ලක් ලබාගෙන ඇති අතර, පසුව ඊට අදාළ බදු ගිවිසුම් කාලය දීර්ඝ කිරීම සඳහා ගිවිසුම් තුනක් සකස් කරදීමට රුපියල් හතලිස් එක්ලක්ෂ තිස්හතර අටසිය අසූ හතක (රු. 4,134,887) මුදලක් ඉල්ලා ඇත.
ගිවිසුම් සකස් කිරීමේ ගාස්තු ලෙස පවසමින් රුපියල් ලක්ෂ විස්සක් (රු. 2,000,000) ඔහු ලබාගෙන ඇති අතර, ඉතිරි මුදල ලබාදෙන ලෙස දිගින් දිගටම බලපෑම් කර ඇති බව වාර්තා වේ.
එම ඉතිරි මුදලින් රුපියල් ලක්ෂ 05ක මුදලක් අදාළ සමාගම නමින් මහජන බැංකුවේ පවත්වාගෙන යනු ලබන ගිණුමකින් නිකුත් කළ චෙක්පතක් මඟින් ලබා ගනිමින්, තුටු පඬුරු ඉල්ලීම හා භාර ගැනීම යන චෝදනා මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන මැයි 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
0
Saru News















