රුපියල් බිලියන 2,655ක පිම්මක් පනී – Saru News | සිංහල

0
3

පසුගිය 2025 වසරේ දී මෙරට දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 32,751ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර, එය 2024 වර්ෂයට වඩා රුපියල් බිලියන 2,655ක ඉහළ යාමකි.

ආර්ථිකය වර්ධනය වීමේ වේගය 5.0%ක් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ “වාර්ෂික ආර්ථික විවරණය 2025” නම් වාර්තාවෙන් හෙළි කර තිබේ. 2019 වසරේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය ඍණ 0.02%ක්, 2020 වසරේ දී ඍණ 4.6%ක් වී තිබූ අතර, 2021 දී 4.2%ක් වී තිබිණි. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත් බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ 2022 වසරේ දී එම වර්ධන වේගය ඍණ 7.3%ක් මෙන් ම, 2023 දී ඍණ 2.0% වී තිබිණි. 2024 දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 5.0%ක් විය.

වත්මන් ආණ්ඩුව බලයට පත් වී ගෙවී ගිය කාලය තුළ මෙරට ආර්ථිකය ස්ථාවර කර ගෙන ඇති බව මෙම දත්තවලින් සනාථ වේ.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here