දහම්පාසල් ගුරු සහතික පත්‍ර විභාගයේ අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

0
4

දහම්පාසල් ගුරු සහතික පත්‍ර විභාගයේ 2026 අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කිරීමට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ එම අයදුම්පත් භාර ගැනීමේ කාලය එළැඹෙන අප්‍රේල් 30 වැනි දින දක්වා දීර්ඝ කළ බවය.

මෙම විභාගය සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ පසුගිය මාර්තු 11 වැනි දින සිට ඊයේ (20) දිනය දක්වා ඉදිරිපත් කිරීමට පහසුකම් සලසා දී තිබූ අතර දහස් පාසල් ප්‍රධානාචාර්යවරුන්ගේ ඉල්ලීම පරිදි අදාළ අයදුම්පත් භාර ගැනීමේ කාලය මෙලෙද දීර්ඝ කර තිබේ.

ඒ අනුව අදාළ අයදුම්පත හා උපදෙස් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ dbagovlk.org නිල වෙබ් අඩවියෙන් සහ www.dbadhammaschool.giize.com යන දහම් පාසල් වෙබ් අඩවියෙන් මෙන්ම Google Ply Store හී ඇති Dhamma School යෙදුම හරහා ලබා ගත හැකි බවද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here