හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පෙර පැවති සාමාන්‍ය ගමනාගමනය අඛණ්ඩව පවත්වා ගත යුතු බව චීන ජනාධිපති ෂී.ජින්පින් මහතා අවධාරණය කරයි.
සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් සමග සිදුකළ දුරකථන සංවාදයක් අතරතුර ඔහු මේ බව පවසා ඇතැයි විදෙස් මාධ්‍යවල දැක්වේ.
ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ ප්‍රධානී ෆාති බිරෝල් විසින් පවතින බලශක්ති අර්බුදය මෙතෙක් පැවති විශාලතම අර්බුදය බවට මීට පෙර අනතුරු අඟවා ඇති පසුබිමක ෂී කළ මේ ප්‍රකාශය ජාත්‍යන්තර අවධානයට යොමුව තිබේ.
Saru News
















