බෙරගල – වැල්ලවාය මාර්ගයේ නායයෑමක්

0
10


බෙරගල වැල්ලවාය අතර විහාරගල ප්‍රදේශයේ නායයෑමක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම අවහිර වූ මාර්ගයේ එක් මංතීරුවක් මේ වන විට විවෘත කර තිබෙනවා.

කොළඹ චෙන්කලඩි ප්‍රධාන මාර්ගයේ විහාරගල ප්‍රදේශයේ කිලෝමීටර් 184 කණුව ආසන්නයේ මෙම නායයෑම සිදු වුණා.

අධික වර්ෂාවත් සමග මාර්ගයේ ඉහළ කොටසේ පස්කදු මාර්ගයට කඩා වැටී තිබෙනවා.

ඒ හේතුවෙන් ඊයේ රාත්‍රියේ මෙම මාර්ගයේ ගමන් කිරීම සම්පූර්ණයෙන්ම අවහිර වුණා.

හපුතලේ පොලීසිය , ප්‍රදේශවාසීන් හා මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව මේ වන විට එහි එක් මංතීරුක් විවෘත කර තිබෙනවා.

මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here