අද (21) සිට මෙරටින් නිල වශයෙන් ආරම්භ වන සාමයේ පා ගමන (Walk for Peace) වැඩසටහන සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය පූර්ණ සහයෝගය පළ කර ඇත.
සිය X ගිණුමෙහි සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
“සියලු ජනයා අතර සිහිබුද්ධිය, මෛත්‍රිය, එකමුතුකම සහ සමගිය ප්‍රවර්ධනය කරමින් අද ආරම්භ වන ‘සාමයේ පා ගමන’ සඳහා සහයෝගය දැක්වීමට ලැබීම මම ගෞරවයක් කොට සලකමි.” ලෙස එහි සඳහන් ව ඇත.
“මෙම පූජනීය පා ගමන දඹුල්ලෙන් ආරම්භ වී, සර්වඥ ධාතූන් වහන්සේලා සහ බෝධි අංකුරයක් ද රැගෙන දිවයින පුරා ගමන් කරන විට, අපේ උරුමය මූර්තිමත් කරන සාමය සහ කරුණාව යන සදාකාලික වටිනාකම් පිළිබඳව නැවත ආවර්ජනය කරන ලෙස මම සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරමි.” ලෙසද එහි වැඩිදුරටත් සඳහන්.
මෙම අධ්‍යාත්මික වැඩපිළිවෙළ ජාතික සමගිය ශක්තිමත් කිරීමටත්, ලෝක ප්‍රජාවට සාමය පිළිබඳ ගැඹුරු පණිවිඩයක් සන්නිවේදනය කිරීමටත් උපකාරී වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව පවසමින් ජනාධිපති අනුර දිසානායක මහතා සිය පණිවිඩය අවසන් කර ඇත.
සාම පාගමන වෙනුවෙන් වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා හත් නමක් අද (21) උදෑසන දිවයිනට වැඩම කළහ.
සාම පාගමන වෙනුවෙන් ‘ආලෝකා’ නම් සුනඛයා ද ආරක්ෂිතව මෙරටට පැමිණ තිබුණි.
ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ”Walk For Peace” සාම පාගමන වැඩසටහන අද සිට 28 දක්වා ශ්‍රී ලංකාවේ දී රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
I am honoured to support the Walk for Peace journey across Sri Lanka, commencing today, promoting mindfulness, loving-kindness, unity and harmony among all people.
As this sacred walk sets out from Dambulla and travels across our island, carrying the Sacred Relics of the Buddha…— Anura Kumara Dissanayake (@anuradisanayake) April 21, 2026
Saru News
















