මැයි පළමු වැනිදාට යෙදී තිබෙන මෙවර කම්කරු දිනය වෙනුවෙන් මැයි දින සැමරුමක් පැවැත්වීම ගැන තීරණයක් ගෙන නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.
වෙනත් පක්ෂයක් හෝ සංවිධානයක් සමඟ එක්ව මැයි දිනය පැවැත්වීමට ද මෙතෙක් තීරණය කර නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරළ මහත්මියගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය මේ බව කියයි.
Saru News
















