ජාතික ජන බලවේගය යනු රාජ්‍ය පාලනයේදී “මකුළු දැල් න්‍යාය” භාවිතා කරන දේශපාලන සංවිධානයක් යැයි එම පක්ෂයේ ඉදිරිපෙළ නායකයකු සිය දේශපාලන හිතවතුන් පිරිසකට කරුණු පැහැදිලි කරමින් පවසා ඇති බව වාර්තා වේ.
“අපි ඇවිල්ලා ‘මකුළු දැල් න්‍යාය’ පාවිච්චි කරන දේශපාලන සංවිධානයක්. මකුළු දැලකත් හැම කොටසක්ම ආයෙ ආයෙ පුංචි කොටස්වලට බෙදිලානෙ තියෙන්නෙ. අපිත් හැම රජයේ ආයතනයකටම අපෙන් පස්දෙනෙක් දාලා තියෙනවා. ඒ එක්කෙනෙක්වත් අනිත් හතරදෙනා ඉන්නවා කියලා දන්නෙ නෑ. A දන්නෙ නෑ B ඉන්නවා කියලා, B දන්නෙ නෑ C ඉන්නවා කියලා …. එහෙම. ඒ වගේම ඒ හැම එක්කෙනාම හිතාගෙන ඉන්නෙ එයා තමයි ලොක්කා කියලා. ඒත් එක්කෙනෙක්වත් දන්නෙ නෑ මෙතන යන ක්‍රමය ගැන. හැබැයි අවසානයේදී වැඩේ හරියටම කෙරෙනවා” යැයි ඔහු පවසා ඇති බව සඳහන්.
මේ ජාජබ ඉදිරිපෙළ නායකයා පසුගිය සමයේ ඉහළම තනතුරකට ද පත්වී ටික දිනකින් එම තනතුර අහිමි වූ අයෙකි.
කෙසේවෙතත් මේ මකුළු දැල් න්‍යාය ගැන ඇසූ හිතවතුන් පසුව කතාවී ඇත්තේ ඔය කොයි සෙල්ලමත් හරියන්නේ මකුළු දැල් කඩන කොස්ස හරිහමන් අයෙකු අතර යනතෙක් විතරයි කියාලු …

The post අපි ඇවිල්ලා “මකුළු දැල් න්‍යාය” භාවිතා කරන දේශපාලන සංවිධානයක් – මාලිමා ලොක්කෙක් කියයි appeared first on LNW Sinhala.
Saru News
















