විදේශීය තානාපතිවරු හය දෙනෙක් ජනපති අනුරට අක්තපත්‍ර භාර දෙති..

0
4

රෂිකා හෙන්නායක අප්‍රේල් 20, කොළඹ LNW :

අද (20) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී අනුර කුමාර දිසානායක මහතා වෙත මහ කොමසාරිස්වරුන් දෙදෙනෙකු, තානාපතිවරුන් තිදෙනෙකු සහ ශුද්ධාසනයේ අපෝස්තලික තානාපතිවරයෙකු සිය අක්තපත්‍ර ප්‍රදානය කළහ.

ජනාධිපති මාධ්‍ය අංශයට (PMD) අනුව, පැපුවා නිව්ගිනියාව, සෝමාලියාව, ලක්සම්බර්ග්, ශුද්ධාසනය, පකිස්ථානය සහ කුවේට් නියෝජනය කරන තානාපතිවරුන් අක්තපත්‍ර භාර දුන්හ.

 එහිදී..

1.    පැපුවා නිව්ගිනියා ස්වාධීන රාජ්‍යයේ මහකොමසාරිස් ලෙස Vincent Sumale මහතා (නවදිල්ලියේ නේවාසික)

2.    සෝමාලියානු ෆෙඩරල් ජනරජයේ තානාපති ලෙස Abdullahi Mohammed Odowa මහතා (නවදිල්ලියේ නේවාසික)

3.    ලක්සම්බර්ග් ජනරජයේ තානාපති ලෙස  Christian Biever මහතා (නවදිල්ලියේ නේවාසික)

4.    වතිකානයේ අපෝස්තලික තානාපති ලෙස Monsignor Andrzej Józwowicz පියතුමා

5.    පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහකොමසාරිස් ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) Nayyar Naseer මහතා

6.    කුවේට් රාජ්‍යයේ තානාපති ලෙස Saleh Mubarak Al-Sarawi මහතා

මෙසේ ජනපතිවරයා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.  

The post විදේශීය තානාපතිවරු හය දෙනෙක් ජනපති අනුරට අක්තපත්‍ර භාර දෙති.. appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here