දැන් මේක සාර්ගෙ කාලෙ වගේ. පාක්ෂිකයො දුක් විඳිනවා කන්නත් නැතිව, නායකයො ඔක්කොම කෝටිපතියෝ – රාජිත

0
4

ලාල්කාන්ත අමාත්‍යවරයා පමණක් නොව ජනාධිපතිවරයාගේ පටන් වත්මන් ආණ්ඩුවේ ඉදිරිපෙළ සියලුම ඇමතිවරුන්ට කෝටි ගණනින් වත්කම් ඇති බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

“ලාල්කාන්ත මැතිතුමා ගැන විතරක් කතා කරන්න එපා. ජනාධිපතිතුමාගේ සිට ඔය පළවෙනි පේලි‍යේ වාඩිවෙලා ඉන්න සියලුම ඇමතිවරුන්ට තියෙනවා කෝටි ගාණක් තමන්ගෙ වත්කම්. කෝටි ගාණක් … මට කළුතර දිස්ත්‍රික්කයේ හම්බුණා ජවිපෙ පූර්ණකාලිකයෝ හතරදෙනෙක් මේ වෙනකොට. ඒ හතරදෙනාම පූර්ණ කාලිකත්වයෙන් ඉවත්වෙලා තියෙනවා. ඒගොල්ලො කියනවා ‘අපේ මුළු ජීවිත කාලෙම අපි දුක්වින්දා. ඔබතුමා දන්නවා වමේ හිටපු හින්දා, අපිට ගෙවීමක් කළේ නෑ. අපි හරියට කෑවෙ නෑ, අපි රොටියක් කාලා ලොකු වතුර වීදුරුවක් බීලා බඩපුරවා ගත්තෙ. එක්කෝ උළුදු වඩේ එකක් කාලා අපි ජීවිතේ ගැටගහගත්තෙ. අපේ ගෑණුන්ට කියලා අපේ දරුවන්ට කියලා අපි කළේ නෑ. අපි ඒ ආභාෂය ලැබුවේ රෝහණ සහෝදරයාගෙන්. රෝහණ විජේවීර මොනවා වුණත් ඒගොල්ලන් කියන්නෙ එයාට වාහනයක් තිබුණෙ නෑ, මියයනතුරු ගෙයක් තිබුණෙ නෑ. සෝමවංශ අමරසිංහ සහෝදරයාට ගෙයක් තිබුණෙ නෑ. අන්තිමට හිටියේ සහෝදරයාගෙ ගෙදර, පාක්ෂිකයින්ගෙ ගෙවල්වල. එහෙම අන්න ඒවා දැකල තමයි අපි මේ කැපකිරීම් කළේ. නමුත් මේ මිනිස්සු අපෙන් කෙහෙල් කැන් ඇවරිය අරගෙන ගිහින්, අපේ රුපියල් 2000 අරගෙන ගිය මිනිස්සු සල්ලි නැහැ කියලා, දැන් කෝටි ගණන් කෝටි 10 – 15 තමන්ගෙ වත්කම් තියෙනවා’ එතකොට ඒක දරාගන්න පුළුවන්ද ඒ පූර්ණකාලිකයින්ට ? මේක ඉතාමත් නරකයි. මේක ධනපති ක්‍රමයත් නෙවෙයි අර සාර්ගෙ කාලෙ වගේනෙ … පාක්ෂිකයො දුක්විඳිනවා කන්න නැතිව, නායකයො ටික කෝටිපතියො. සියලුම නායකයො කෝටිපතියො, අනුර කුමාර දිසානායකගේ ඉඳලා. දැනට ඒකෙන් ඉස්මතු වුණේ ලාල්කාන්ත සහෝදරයාගේ. මොකද ලාල්කාන්ත තට්ටු තුනේ මාලිගාවක් හැදුවා. මාලිගාව හදලා ඒකෙ ගිහිල්ලා ලැජ්ජා නැතිව තව ජනාධිපතියි අගමැතියි කනවා අල්ලේ තියාගෙන. ඒගොල්ලො පෙන්නන්න හදන්නෙ ඒගොල්ලො සරලයි කියලා ඕවාගෙන් තමයි. සරල කියන්නෙ ඕවාගෙන් නෙවෙයි, තමන්ගෙ දිවි පැවැත්ම සරල කරගන්න. ඒකයි කියන්නෙ. බොරුවට මිනිස්සුන්ට පේන්න බත් පිඟානක් අල්ලෙ තියාගෙන කාලා, ඔය වගේ ඒවායින් සරල වෙන්න බැහැනෙ. ඔය බොරුව තමයි, ඔය මායාව තමයි මේ රටේ දේශපාලනය. නියම අවංක මිනිස්සු අද හොරුවෙලා තියෙනවා, හොරු ටික අවංකයි කියලා හිතනවා. එතනයි තියෙන්නෙ. ඒකයි මේ ඡන්ද ප්‍රතිඵලයත් ලැබුණෙ”

රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

The post දැන් මේක සාර්ගෙ කාලෙ වගේ. පාක්ෂිකයො දුක් විඳිනවා කන්නත් නැතිව, නායකයො ඔක්කොම කෝටිපතියෝ – රාජිත appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here