දහසය වසරකට පසු දළදා සමිඳුන් සියැසින් දැක වන්දනා කිරීමේ භාග්‍යය අද සිට මෙරට ජනතාවට

0
20


වසර 16කට පසු පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” අදින් ආරම්භ වනවා. 

මෙහි සමාරම්භක අවස්ථාව අද දහවල් 12.30ට පමණ සිදුවන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ඊට සහභාගි වීමට නියමිතයි. 

මීට අමතරව විදේශ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් රැසක්ද මෙම අවස්ථාවට එක් වීමට නියමිත අතර ඔවුන් කොළඹ සිට විශේෂ දුම්රියකින් කැටුව යාමට කටයුතු සූදානම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සහ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ මඟපෙන්වීමෙන් සංවිධානය කෙරෙන සිරි දළදා වන්දනාව අද සිට අප්‍රේල් 27 වන දා දක්වා දින 10ක් පුරා පැවැත්වීමට නියමිතයි. 

ආරම්භක දිනය වන අද දින පස්වරු 3.00 සිට පස්වරු 5.00 දක්වා  සැදැහැවතුන්ට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සළසා දී තිබෙනවා. 

හෙට සිට දිනපතා දහවල් 12.00 සිට පස්වරු 5.00 දක්වා සැදැහැවතුන්ට දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. 

මල්වතු මහා විහාර පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් නෙත් නිවුස් වෙත කියා සිටියේ සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය සියලු පහසුකම් මේ වන විට සකස් කර අවසන් බවයි. 

Neth Sound · RATHANAPALA HIMI 03

උන්වහන්සේ කියා සිටියේ සියලු බැතිමතුන් පමණක් නොව පූජ්‍ය පක්ෂය පවා මෙහිදී දැඩි පරික්‍ෂාවකට ලක් කරන බවයි. 

Neth Sound · RATHANAPALA HIMI 04

මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය නෙත් නිවුස් වෙත කියා සිටියේ පැමිණෙන සියලු බැතිමතුන්ට අවශ්‍ය පිරිසිදු පානීය ජලය සහ ආහාරපාන ලබා දීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක බවයි. 

Neth Sound · KANDY INDIKA 01

බැතිමතුන්ට ආහාර ලබා දීම සඳහා දන්සැල් 383ක් ලියාපදිංචි වී ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

Neth Sound · KANDY INDIKA 02

සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන බැතිමතුන්ට සුදුවතින් සැරසී පැමිණෙන ලෙසටද ඉල්ලීමක් කෙරෙනවා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here