ගිනි අවියක්, අත් බෝම්බයක් සහ උන්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්දන කත්‍රිආරච්චිගෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය මත දින 30 ක කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
සැකකාර අමාත්‍යවරයාගේ පිළියන්දල, මාම්පේ, වවනවත්ත පාර නිවස ඉකුත් (16) පරීක්ෂාකර විදේශීය රටක නිෂ්පාදිත අත්බෝම්බයක්, ටි 56 මැගසින් 02 ක්, දශම 22 දරන උණ්ඩ 103 ක් මිලි මිටර් 7 දශම 2 උන්ඩ 31 ක් , ටි 56 උන්ඩ 221 හා බෝර 16 ස්ටීවන් වර්ගය ගිනි අවියක් පොලිස් බාරයට ගත්තේය.
සැකකාර හිටපු අමාත්‍යවරයාගේ නිවසේ ටි 56 ගිනි අවියක් තිබෙන බවට කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව කැස්බෑව අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක 5 නිලධාරින් කණ්ඩායමක් දෙමහල් නිවස සෝදිසියට ලක් කළේය.
සබැඳි පුවත්
හිටපු මන්ත්‍රී කත්‍රිආරච්චි රඳවා ප්‍රශ්න කරන්න අවසර (UPDATE)
Saru News













