ජවිපෙන් කෝටිපතියන් බිහිවෙන එක ගැන සන්තෝසයි. අපිටත් ඕනෙ පොහොසත් රටක් – ඇමති සමන්ත

0
3

ජනතා විමුක්ති පෙරමුණෙන් කෝටිපතියන් බිහිවීම පිළිබඳව තමන් සතුටට පත්වන බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

“විපක්ෂය විවිධ චෝදනා නගනවා. නමුත් අපි දන්නවා රටේ ජනතාව මේ සත්යය තේරුම් අරන් තියෙනවා. ලෝකෙ යුද්ධයක් පවතින මොහොතක,. දිට්වා වගේ ආපදාවක් ආපු රටක, ජනතාවට තේරෙන දේවල් විපක්ෂයට නොතේරෙනවා නෙවෙයි. විපක්ෂයට තියෙන්නෙ වෙනත් ප්‍රශ්න ටික්. ඒ ගැන ඉතින් අපි මේ වගේ සුබ මොහොතක කතා කරන එකෙන් ඵලක් නැහැ කියලායි මම හිතන්නෙ”

ප්‍රශ්නය – ඔබතුමන්ලාගෙ පක්ෂයෙන් දැන් කෝටිපතියො එහෙම බිහිවෙනවා නේද ?

“කෝටිපතියො බිහිවෙනවා නම් කොච්චර සන්තෝසද …? අපිටත් අවශ්‍ය පොහොසත් රටක්”

සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (17) බදුල්ල ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයකදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

The post ජවිපෙන් කෝටිපතියන් බිහිවෙන එක ගැන සන්තෝසයි. අපිටත් ඕනෙ පොහොසත් රටක් – ඇමති සමන්ත appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here