ව්‍යාජ ලෙස වාහන ලියාපදිංචි කිරීමේ ජාවාරමක් ගැන සෙවීමට කමිටුවක්

0
18


මෙරටට ගෙන්වන ලද වාහන ව්‍යාජ ලෙස ලියාපදංචි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ඒ, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදීයි.

මෙරටට ගෙන්වන ලද වාහන ව්‍යාජ ලෙස ලියාපදංචි කිරිම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළා.

ඔහු ප්‍රකාශ කළේ, කෝපා කමිටුව කළ නිර්දේශ මත එම ක්‍රියාමාර්ග ගන්නා බවයි.

අදාල කමිටුව විසින් ලබාදෙන නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එම ජවාරමට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව, නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

 

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here