දකුණු පළාතේ සහ කොළඹ, කළුතර, මොනරාගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවෙත අද (17) පස්වරුවේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ ගිගුරුම් සහිත වැසි සමග එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බවය.
ඒ අනුව අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කිරීමට පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක්ද සිදු කර තිබේ.
Saru News
















