මෙරටට ගල් අඟුරු ආනයනය කිරීමේ දී කුමන ආකාරයක හෝ වංචාවක්, දූෂණයක් හෝ අක්‍රමිකතාවක් සිදු කර තිබේ නම් අදාළ කරුණු සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමට නිසි බලතල සහිත අධිකාරිත්වයකින් යුත් ආයතන දෙකක් හඳුන්වා දී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනටමත් සිදු කරමින් පවතින විමර්ශන සඳහා කරුණු ඉදිරිපත් කිරීමට සහ අද (17) පිහිටුවන ලද පූර්ණ බලැති විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව යන ආයතන දෙක එම කරුණු ඉදිරිපත් කිරීම සඳහා විවෘතව පවතී. විශේෂයෙන් ම, ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස මේ වනවිටත් සක්‍රිය සේවයේ යෙදී සිටින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු, අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු සහ මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කළ බව අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී හෙළි කරනු ලැබීය.
මේ අනුව, ශ්‍රී ලංකාවේ ඕනෑම පුරවැසියෙකු හට, සංවිධානයකට හෝ දේශපාලන පක්ෂ නියෝජිතයින් හට තමන් සතුව පවතින ගල් අඟුරු ආනයනය සම්බන්ධ කරුණු ඉදිරිපත් කළ හැකි බව අවධාරණය කරනු ලැබීය. විශාල ගෝෂාවක් කරමින් මේ දක්වා කටයුතු කළ විපක්ෂය මහජනතාවට වගකියන විපක්ෂයක් නම් තව දුරටත් මාධ්‍ය සන්දර්ශන නොපවත්වා කටයුතු කිරීමේ පුළුල් ඉඩකඩ මෙම ආයතන දෙක තුළින් විවෘත කර දී තිබේ.
0
Saru News
















